පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා සිදුකළ යුතු නීතිමය වෙනස්කම් මොනවාද යන්න පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීම ගැන සොයා බලා වාර්තා කිරීමේ පාර්ලිමේන්තු කමිටුවට දැනුම් දීමක් සිදුකර තිබේ.
ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත අවලංගු කර 1988 පළාත් සභා ඡන්ද විමසීම් පනත යටතේ පෙර පැවති ක්රමයට එම ඡන්ද විමසීම් පැවැත්වීම, 2017 සංශෝධනය නොතකා පෙර පැවති ඡන්ද ක්රමය ක්රියාත්මක කිරීම, 2017 සංශෝධනය අවලංගු කර නව ඡන්ද ක්රමයක් හඳුන්වා දීම, කාන්තා හා තරුණ නියෝජනය සඳහා විධිවිධාන ඇතුළත් කිරීම හෝ සීමා නිර්ණය කිරීමේ ක්රියාවලිය නැවත ආරම්භ කිරීම යන ඒවාය.
පැරණි සමානුපාතික ඡන්ද ක්රමයට පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමටත්, එහිදී කාන්තා හා තරුණ නියෝජනයට අදාළ ප්රතිශතයන් ලබාදීමටත්, එම ඡන්ද විමසීම් පැවැත්වීමෙන් පසු කේවල හා සමානුපාතික යන මිශ්ර ක්රමයට පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමට අදාළ සීමා නීර්ණය කටයුතු සිදුකර නව ක්රමයකට යෑමටත් දේශපාලන පක්ෂ හා සංවිධාන හතලිස් ගණනක් කැමැත්ත පළකරමින් පසුගිය දා එම කමිටුවට හා ජනාධිපතිවරයාට සිය යෝජනාව බාරදී තිබුණි.
