ටිරාන්ලාගේ තක්කඩි වැඩක්! මාධ්‍යවේදියාට පඩිත් නෑ! ඉවත් කරන්නෙත් නෑ! දැන් ගේට්ටුවෙන් ඇතුළට ගන්න එපායැයි සෙකියුරිටිට බලපෑම් කරලා!

මව්බිම පුවත්පතේ මාධ්‍යවේදී රවිශාන් ප්‍රනාන්දුට එම ආයතනයට ඇතුළු වීම වළක්වනු ලැබුවේ ඉහළ කළමනාකාරීත්වයේ වුවමනාවට බව හිටපු ඇමැති ටිරාන් අලස් හිමිකාරිත්වය දරන සිලෝන් නිව්ස්පේපර්ස් සමාගමේ පරිපාලන කළමනාකරු පොලිසිය හමුවේ පිළිගෙන තිබේ.

එහි පරිපාලන කළමනාකරු බව කියන සනත් පින්නදූව නමැත්තා පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් මේ බව කියා ඇත්තේ රවිශාන් ප්‍රනාන්දු මාධ්‍යවේදියා කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලකට අදාළවය.

සිලෝන් නිවුස්පේපර්ස් ඉහළ කළමනාකාරීත්වය තමාට කළ දැනුම්දීම අනුව තමා යටතේ ඇති ආරක්ෂක අංශය මගින් මාධ්‍යවේදියාට මව්බිම ආයතනයට ඇතුළු වීම වැලැක් වූ බව පින්නදූව නමැත්තා පවසා ඇත.

ටිරාන් අලස් හිටපු ඇමැතිවරයාට අයත් මව්බිම පුවත්පතේ කර්තෘ මණ්ඩලය ඇතුළු සේවකයන්ට මාස ගණනක් තිස්සේ වැටුප් ලබාදීම මගහරිමින් සේවක අර්ථසාධක අරමුදල් ගෙවීමද පැහැර හැර ඇතිි බවට කම්කරු කොමසාරිස්වරයාට පැමිණිලි කරනු ලැබුවේ මෙම මාධ්‍යවේදියා විසිනි.

මෙසේ මාධ්‍යවේදියාගේ රාජකාරියට බාධා කිරීම වහා නතර කරන්නැයි බල කරමින් ඉන්පසුව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පසුගියදා කම්කරු කොමසාරිස්වරයාට හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට පැමිණිල්ලක් කළේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading