හොර මැණික නිසා අත්අඩංගුවට ගත් ඇහැළියගොඩ OIC ට ඇප

ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ස්ථානාධිපතිවරයාට ඊයේ දින අධිකරණයට ඉදිරපත් කිරීමෙන් පසුව ඇප ලබා දුන් බව What news කළ විමසීමකදී ඇහැලියගොඩ පොලීසිය සඳහන් කළා.

මැණික් පතලකින් සොරාගත් මැණික් ගලක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් සැකකාර සොරෙකුගෙන් සොයාගෙන, එම මුදල් අධිකරණයට ඉදිරිපත් නොකිරීමේ චෝදනාව මත ඇහැලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (03) රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදී.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර ස්ථානාධිපතිවරයා සැබෑ මුදල් සඟවා, සොරාගත් මැණික් ගල වෙනුවට වෙනත් ව්‍යාජ මැණික් ගලක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

පතල් හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව රත්නපුර කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මියගේ සහ රත්නපුර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත මෙම විමර්ශනය ක්‍රියාත්මක කර ඇත. අයුතු ලෙස ඇතුළු වීම, පහරදී තුවාල සිදු කිරීම, කොල්ලකෑම, බලෙන් ලබාගැනීම, අයුතු ලෙස සිරකර තැබීම සහ රජයේ නිලධාරියෙකු ලෙස නීත්‍යනුකූල නියෝගවලට පටහැණිව ක්‍රියා කිරීම යන චෝදනා යටතේ ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

Author

Related Posts