ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇති පරිදි අද (ජුනි 04) පෙරවරුව වනවිට වානිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් හුවමාරු අගය රුපියල් 340 දක්වා යළි ඉහළ ගොස් ඇත.
වානිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල එම අගයේ පැවතියද බැංකු නොවන වෙළඳපොළේ ඇමරිකානු ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් හුවමාරු අගය රුපියල් 350 සීමාව ඉක්මවා ඇති බවද වාර්තා වේ.
එමෙන්ම වැඩිදුරටත් වාර්තා වන්නේ වානිජ බැංකුවලින් ප්‍රකාශයට පත්කර ඇති අගයන්වලට හෝ විදේශ ගතව අධ්‍යාපනය ලබන දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලබා ගැනීමේ අපහසුතාවයක්ද පවතින බවයි.
