පාස්කු ප්‍රහාර විමර්ශන: ගෝඨාට රට යන්න තහනම්

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂගේ හා හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදේශ ගමන් තහනම් කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (ජුනි 03) මෝසමක් මගින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් පසු කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසිනි.

යුද හමුදා හිටපු බුද්ධි නිලධාරි ප්‍රේමානන්ද උදලාගම හා මේජර් මොහොමඩ් අන්සාර් යන හමුදා නිලධාරීන් දෙදෙනාගේද විදෙස් ගමන් ඒ අනුව තහනම් කර තිබේ.

Author

Related Posts