මිහින්තලය රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ජාතික පොසොන් උත්සවයේ මිහිඳු පෙරහැර සඳහා රජය මගින් ලබාදී ඇති රුපියල් ලක්ෂ 50ක මුදල ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධර්මරතන හිමි පවසා ඇත.
ඒ පොසොන් උත්සවය පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලය රජමහාවිහාරයේදී ජුනි 02 දින පැවති සාකච්ඡාවේදීය. එහිදී එම උත්සවය සඳහා රජයෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් මිහින්තලය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත එවා ඇති බව ධර්මරතන හිමි පවසා ඇත.
ධර්මරතන හිමි එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ මිහින්තලා පුදබිම තුළ ශබ්ද විකාශන යන්ත්‍ර තුන්සියයක් සවිකිරීම සඳහා පමණක් රුපියල් ලක්ෂ 60ක මුදලක් වැයවන බවත්, ඊට අමතරව සති පිරිත හා ආලෝක පූජාව සඳහා දෙස් විදේස් බැතිමතුන්ගෙන් ආධාර ඉල්ලා සිටින බවත්ය.
