පොලිස් භාරයේ සිටියදී මියගිය පුතා වෙනුවෙන් තාත්තා කෝටියක් වන්දි ඉල්ලයි

වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කොටහේන පොලිස් භාරයේ සිටියදී තරුණයින් දෙදෙනෙකු මියයෑම සම්බන්ධයෙන් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා එක් තරුණයකුගේ පියකු විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාස්කම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර හා ගිහාන් කුලතුංග යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම ජුනි 02 දින ෂලකා බැලූ අවස්ථාවේදී එම තීරණය ලබාදී ඇති අතර ඒ අනුව එම පෙත්සම ඔක්තෝබර් 16 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොටහේන පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර ඇති අතර පෙත්සම මගින් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා තිබේ.

2025 මාර්තු 21 දින කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් එම තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුන අතර එදින රාත්‍රියේ ආයුධ පෙන්නීම සඳහා මට්ටක්කුලිය කාක දූපතට ගෙන යෑමෙන් පසු සඟවා තිබූ ගිනි අවිවලින් පොලීසියට වෙඩි තැබීමේදී ප්‍රති ප්‍රහාරවලින් ඔවුන් මරණයට පත්වූ බව පොලීසිය නිවේදනය කරනු ලැබීය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading