චෙම්මනිවලින් තවත් ළමා ඇටසැකිලි හමුවෙයි! දැන් සිරුරු 275ක්!!!

චෙම්මනි සමූහ මිනීවළේ තෙවැනි අදියරේ 15 වැනි දින සිදුකළ කැණීම් කටයුතුවලදී තවත් මිනිස් ඇටසැකිලි 5ක් හඳුනා ගැනීමට හැකි වී තිබේ.

මෙම නව සොයාගැනීම් ද සමඟින්, කැණීම් ආරම්භ කළ දින සිට මේ දක්වා අදියර තුනෙන්ම සමස්තයක් ලෙස මිනිස් ඇටසැකිලි 275ක් හඳුනාගෙන ඇත. ඉන් ඇටසැකිලි 272ක් ම සම්පූර්ණයෙන්ම ගොඩගෙන අවසන් බව වාර්තා වේ.

විශේෂ ලක්ෂණය: 15 වැනි දින සිදුකළ කැණීම්වලදී හමු වූ ශේෂයන් අතර කුඩා ළමුන්ගේ සහ බිළිඳුන්ගේ ඇටසැකිලි ද කිහිපයක් තිබීම විශේෂත්වයකි.

මෙම සමූහ මිනීවළේ කැණීම් කටයුතු තවදුරටත් ඉදිරියටත් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading