හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ තිබෙනවා.
ඒ සම්පත් මනම්පේරී නමැති පුද්ගලයාට කුලී පදනම මත වාහනයක් ලබාදීමේ සිදුවීමකට අදාළව සිදුවන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
නීතිවිරෝධී ලෙස මෙම වාහන ගනුදෙනුව සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඊට අදාළව කරුණු විමසීම සඳහා හිටපු අමාත්‍යවරයා කැඳවා ඇති බව පොලිසිය පවසනවා.
