මේ උසාවියට මගෙ නඩුව අහන්න බලයක් නෑ! කබ්රාල් මතුකළ විරෝධය ගැන තීන්දුව ජුනි 30 වැනිදා!

2012 වස­රේදී ආර්ථික වශ­යෙන් කඩා වැටී තිබුණු ග්‍රීසියේ බැඳු­ම්ක­ර­වල ආයෝ­ජ­නය කිරී­මෙන් රජ­යට රුපි­යල් කෝටි 184ක මුද­ලක් අහිමි කිරීමේ සිද්ධි­යට අදාළ නඩුව විභාග කිරී­මට කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණ­යට අධි­ක­රණ බල­යක් නොමැති බවට විත්තිය ඉදි­රි­පත් කළ මූලික විරෝ­ධ­තාව ගැන තීන්දුව ලබන 30දා ප්‍රකාශ කිරී­මට දින නියම විය.

මනෝජ් තල්ගො­ඩ­පි­ටිය (සභා­පති), උදේශ් රණ­තුංග සහ බුද්ධික සී. රාගල යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විශේෂ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ ඊයේ (01) මෙම නඩුව කැඳ­වනු ලැබූ අව­ස්ථාවේ අධි­ක­රණ බලය ගැන දෙපා­ර්ශ්වයේ නීති­ඥ­ව­රුන් දීර්ඝ වශ­යෙන් කරුණු ඉදි­රි­පත් කළහ.

මෙම මූලික විරෝ­ධ­තා­වට අදාළ ලිඛිත දේශන ඉදි­රි­පත් කිරී­මට දෙපා­ර්ශ්ව­යට සති දෙකක කාල­යක් දුන් අධි­ක­ර­ණය නඩුව යළි ජූනි 30 වැනි­දාට නියම කළේය.

විත්ති­කාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා මූලික විරෝ­ධ­තා­වක් මතු කර­මින් මෙම විශේෂ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය පිහි­ටු­වනු ලැබූ 2018 අංක 9 දරන අධි­ක­රණ සංවි­ධාන (සංශෝ­ධන) පනත අතී­ත­යට බල­පාන පරිදි ක්‍රියා­ත්මක කළ නොහැකි බව කියා සිටි­යේය.

අදාළ බැඳු­ම්කර ගනු­දෙ­නුව සිදුව ඇත්තේ 2011 සහ 2012 වස­ර­වල වුවද, මෙම අධි­ක­ර­ණය පිහි­ටුවා ඇත්තේ 2018 වස­රේදී බැවින් එම වක­වා­නු­වට අදාළ නඩු­වක් විභාග කිරී­මට මෙම අධි­ක­ර­ණ­යට අධි­ක­රණ බල­යක් නොමැති බව ඔහු කරුණු දක්වා සිටි­යේය.

සාමාන්‍ය මහා­ධි­ක­ර­ණ­ය­කදී විත්ති­ක­රු­ව­කුට හිමි­වන අභි­යා­චනා කිරීමේ අයි­තිය වැනි මූලික නෛතික අයි­ති­වා­සි­කම් ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ නඩු­ව­කදී උල්ලං­ඝ­නය වන බවත්, මෙය හුදු කාර්ය පටි­පා­ටික වෙන­සක් නොව හර­යා­ත්මක නීතියේ වෙන­සක් බවත් විත්ති පාර්ශ්වය වැඩි­දු­ර­ටත් කරුණු පැහැ­දිලි කළේය.

1978 විශේෂ ජනා­ධි­පති පරී­ක්ෂණ කොමි­ෂන් සභා නීතිය සහ සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මහ­ත්මි­යගේ නඩුව පූර්වා­ද­ර්ශ­යක් ලෙස ගනි­මින් විත්තිය කියා සිටියේ, නීති­යක් අතී­ත­යට බල­පාන ලෙස ක්‍රියා­ත්මක කිරී­මට නම් ව්‍යව­ස්ථා­දා­ය­කයේ පැහැ­දිලි අභි­ලා­ෂය තිබිය යුතු බව දක්වා සිටි­යේය.

ඊට පිළි­තුරු දෙමින් පැමි­ණිල්ල වෙනු­වෙන් පෙනී සිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ සහ­කාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්බ­න්ද­ප්පෙ­රුම මහ­ත්මිය කියා සිටියේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 75 වැනි වග­න්තිය ප්‍රකා­රව අතී­ත­යට බල­පාන පරිදි නීති පැන­වීමේ බලය පාර්ලි­මේ­න්තු­වට පව­තින බව කියා සිටි­යාය.

මෙම සංශෝ­ධ­නය හරහා සිදුව ඇත්තේ නඩුව විභාග කරන ස්ථානය මහා­ධි­ක­ර­ණයේ සිට ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය දක්වා වෙනස් වීම පම­ණක් බවත්, එය කාර්ය පටි­පා­ටික වෙන­සක් මිස විත්ති­ක­රුට අග­ති­යක් වන හර­යා­ත්මක වෙන­සක් නොවන බවත් ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම විත්ති­ක­රුට එරෙහි දූෂණ චෝද­නාව 1994 අංක 19 දරන පනත යටතේ මෙයට පෙර මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ නඟා ඇති බව පෙන්වා දුන්නාය.

එබැ­වින් මෙම නඩුව පව­ත්වා­ගෙන යෑමට නෛතික බාධා­වක් නොමැති බවත්, විත්ති­ක­රුට අග­ති­යක් සිදු නොවන පරිදි පංච­පු­ද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ අභි­යා­චනා කිරීමේ අව­ස්ථාව පව­තින බව පැමි­ණිල්ල කරුණු දක්ව­මින් කියා සිටි­යාය.

තවද නව දූෂණ විරෝධී පනතේ 161 වැනි වග­න්තිය අනුව අධි­චෝ­දනා පත්‍ර­යක් අභි­යෝ­ග­යට ලක් කරන්නේ නම් එය කළ යුත්තේ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමුවේ මිස මෙම මහා­ධි­ක­ර­ණය හමුවේ නොවන බවද මෙහිදී අව­ධා­ර­ණය කෙරිණි.

2011 වසරේ මාර්තු 11දා සහ 2012 වසරේ නොවැ­ම්බර් 19දා අතර කාලය තුළදී ග්‍රීසියේ ආර්ථි­කය කඩා වැටී තිබි­යදී, දැඩි අව­දා­නම් සහිත ග්‍රීක බැඳු­ම්ක­ර­වල රජයේ මුදල් ආයෝ­ජ­නය කිරී­මෙන් රුපි­යල් 1,843,267,595.60ක (කෝටි 184කට අධික) මුද­ලක් රජ­යට පාඩු කිරීමේ චෝද­නාව මත මෙම නඩුව පවරා ඇත.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස් දෙන­කුට එරෙ­හිව නඩු පවරා තිබූ අතර රජ­යට සිදු වූ එම පාඩුව මාස තුනක් ඇතු­ළත ගෙවා පිය­වන ලෙසට ලබා දී තිබූ කොන්දේ­සිය විත්ති­කරු විසින් ඉටු නොකි­රීම හේතු­වෙන් මෙම නව අධි­චෝ­දනා පත්‍රය ගොනු කර තිබේ.

මෙම නඩුවේ පැමි­ණිල්ලේ සාක්ෂි­ක­රු­වන් ලෙස විදේශ කට­යුතු ඇමැති විජිත හේරත් සහ පාර්ලි­මේන්තු මන්ත්‍රී සුජීව සේන­සිංහ ඇතුළු 38 දෙනකු නම් කර තිබේ. ඊයේ (01) ඉදි­රි­පත් වූ විත්තියේ මූලික විරෝ­ධ­තාව සලකා බැලූ අධි­ක­ර­ණය තීන්දුව ප්‍රකා­ශ­යට පත් කරන තෙක් පූර්ව නඩුව විභාග සම්ම­න්ත්‍ර­ණය ආරම්භ කිරීම ලබන 30දාට කල් තැබීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ සහ­කාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්බ­න්ද­ප්පෙ­රුම මහ­ත්මිය සමඟ කමණි ද සිල්වා සහ ගජ­ලක්ෂ්මි සිව­සු­බ්‍ර­ම­නි­යම් යන මහ­ත්මීහු පැමි­ණිල්ල මෙහෙය වූහ. ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සමඟ ඔර්නෙලා සිල්වා, අමිල දිසා­නා­යක සහ නිශ්ශංක පීරිස් යන මහත්ම මහ­ත්මී­හුද විත්තිය වෙනු­වෙන් පෙනී සිටි­යහ.

(දිනමිණෙන් උපුටා ගත්තකි.)

Author

Related Posts