පෙට්‍රල් 24කින්, ඩීසල් 15කින් ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) 2026 මැයි 30 මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් ඇතුළු ප්‍රධාන ඉන්ධන වර්ග සියල්ලකම මිල ගණන් ඉහළ දමා ඇත.

නව මිල සංශෝධනයට අනුව ඉන්ධන ලීටරයක නව මිල ගණන් පහත පරිදි වේ:

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්: රුපියල් 24 කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 434 කි. (පැවති මිල රුපියල් 410 කි)

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් (යූරෝ 4): රුපියල් 25 කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 495 කි. (පැවති මිල රුපියල් 470 කි)

ලංකා සුදු ඩීසල්: රුපියල් 15 කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 407 කි. (පැවති මිල රුපියල් 392 කි)

ලංකා සුපිරි ඩීසල් (4 ස්ටාර් යූරෝ 4): රුපියල් 20 කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 478 කි. (පැවති මිල රුපියල් 458 කි)

ලංකා භූමිතෙල්: රුපියල් 20 කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 285 කි. (පැවති මිල රුපියල් 265 කි)

මීට අමතරව, මෙම නිවේදනයේ සඳහන් කර නොමැති අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් දැනුම් දෙයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading