තව පැය කීපයකින් බාර් වහනවා! හෙට අනිද්දා බාර් වහලා! ආයෙ අරින්නේ සදුදා!

වෙසක් පෝය නිමිත්තෙන් මැයි 30 හා 31 යන දෙදින තුළ රටපුරා පිහිටි සියලුම මත්පැන් හල් වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව මැයි 29 වැනිදා මත්පැන් හල් වසා දමනු ලබන වේලාවෙන් පසු නැවත මත්පැන් හල් විවෘත කරනු ලබන්නේ ජුනි 01 වැනිදාය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මත්පැන් හල් වසා දමනු ලබන දින දෙක තුළ එම නියෝග කඩකරනු ලබන මත්පැන් හල් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading