චීන ජාතික පිරිසකගේ පාස්පෝට් දෙන්න කප්පම් ඉල්ලූ OIC අත්අඩංගුවට

චීන ජාතිකයින් පිරිසකගේ විදේශ ගමන් බලපත් නිදහස් කිරීම සඳහා මුදල් ලබා ගැනීමට තැත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීම අද (මැයි 27) දින වේයන්ගොඩ ප්‍රදේශයේදී සිදුකර තිබේ.

රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර රඳවාගෙන ඒවා නැවත ලබාදීම සඳහා එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 3ක මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ ගමන් බලපත්‍ර මුදා හැරීම සඳහා චීන ජාතිකයින්ගෙන් එම කප්පම් මුදල් ඉල්ලීම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් තැරැව්කාර කාන්තාවක් මගින් සිදුකර ඇති බවද මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

Author

1 Comment

  • පොලිසියට.. කප්පම් ගැනීම ඇබ්බැහි වෙලා තියෙන්නේ… හදන්න අමාරුයි.

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading