පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම හේමසිරිට හා පූජිත්ට එරෙහි නඩුව ජුනි 12 කැඳවේ

කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩුව ජුනි 12 දින කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණය නියම කර ඇත.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම නඩුව අද (මැයි 27) කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දින නියම කිරීම සිදුකර ඇත.

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දරට එරෙහිව එල්ල කර ඇත. ඔවුන් දෙදෙනා එදින නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading