ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයින් තිදෙනෙකු කටුනායක දී රේගු බාරයට !

නීතිවිරෝධී ලෙස විදේශීය දුම්වැටි තොගයක් රැගෙන ආ චීන ජාතිකයින් තිදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, අද (25) අලුයම 01.05 ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට OD 297 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි වයස අවුරුදු 31, 36 සහ 40 යන වයස්වල පසුවන චීන ජාතිකයන් තිදෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.

කෙසේ නමුත්, මෙම චීන ජාතිකයන් තිදෙනා ගුවන් තොටුපළෙන් පිටව යාමට උත්සාහ කළ අවස්ථාවේ රේගු නිලධාරීන් විසින් සිදු කළ පරික්ෂාව දී ගමන් මලු 06ක් තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ විදේශීය දුම්වැටි 40,400 ක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව රේගුව සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සමස්ත දුම්වැටි තොගයේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධික බවයි පැවසෙන්නේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading