ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ශ්‍රී ලංකා පොලීසියේ පරිහරණය සඳහා ඉන්දියානු රජය පරිත්‍යාග කරන ලද කැබ් රථ 134ක් නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකට බාරදීම අද (මැයි 25) ජනාධිපති කාර්යාලයේදී සිදුකර ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝස් ජා විසින් එම කැබ් රථ නිල වශයෙන් බාරදීම සිදුකර ඇති අතර රුපියල් මිලියන 3000ක වටිනාකමක් ඇති එම කැබ් රථ උතුරු පළාතේ පොලිස් ස්ථාන වෙත බාර දීමට නියමිතය.
එම අවස්ථාවට මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, ඩිමෝ ආයතනයේ සාමාන්‍යාධිකාරි රජිව් පණ්ඩිතගේ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.


