පාස්පෝර්ට් එක ගන්න හොර උප්පැන්නයක් දීම සම්බන්ධයෙන් ශෂීට එරෙහි නඩුවේ, සාක්ෂි විභාගයට දින දෙයි

හිටපු ඇමති විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි විදේශ ගමන් බලපත් නඩුවේ සාක්ෂි විභාගය ජුලි 24 දින සිදුකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂවිතාන අද (මැයි 25) නියම කර ඇත.

රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කිරීම ඇයට එරෙහි චෝදනාව වේ. ඒ 2010 ඔක්තෝබර් මස 13 දින ව්‍යාජ උප්පැන්නයක් ඇතුළු ලේඛන සහිත ඉල්ලුම් පත්‍රයක් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන හා විගමන පාලක වරයාට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනි.

ලැබුණ පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබුණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading