පොලීසියේ රාජකාරියට බාධා කළ බව සඳහන් කරමින්, තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ සහ තවත් සැකකරුවෙකු එක් අයෙකු සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කර තිබෙනවා.
පසුගිය මැයි 18 වැනිදා බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අසල පැවැති රණවිරු සැමරුම් කටයුතුවල දී, පොලීසියේ රාජකාරියට බාධා කළ බව සඳහන් කරමින් විමල් වීරවංශ අද උදෑසන තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
තලංගම පොලීසිය මගින් දණ්ඩ නීති සංග්‍රහයේ රාජකාරියට බාධා කිරීම පිළිබඳ ප්‍රතිපාදන ඇතුළත් වන 344 වගන්තිය ප්‍රකාරව විමල් වීරවංශගේ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අද උදෑසන පොලිසිය වෙත කැඳවා ඇති අතර , ඉන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.
