බැසිල්ට වරෙන්තු

නීති විරෝධී ලෙස උපයාගත් මුදල් භාවිත කරමින් මාතර මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාළ නඩුවක් සඳහා අද (22) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ පිහිටි අක්කර එකහමාරක ප්‍රමාණයෙන් යුත් ඉඩමක් මිලදී ගැනීම සඳහා සාධාරණ ලෙස උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි මුදල් භාවිතා කළේය යන්න බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාවයි.

මෙම නඩුව අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් අද දින අධිකරණයට ඉදිරිපත් වීමට අපොහොසත් වූ බවයි.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, විත්තිකරු දිගින් දිගටම අධිකරණය මඟහැර ඇති බව පෙන්වා දෙමින් වෛද්‍ය වාර්තා ප්‍රතික්ෂේප කර වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළේය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading