රුපියල කඩා වැටෙනවා ! ජාතික එකඟතාවකට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න- ආචාර්ය හර්ෂ ද සිල්වා

රුපියලේ අගය කඩා වැටීම හා පිරිවැය ඉහළ යෑමේ පීඩනය හමුවේ හදිසි ජාතික විසඳුම් සහ ප්‍රතිපත්තිමය එකඟතාවන් සකස් කර ගැනීමට වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඉල්ලීමක් කරයි.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් එම ඉල්ලීම කරන ආචාර්ය හර්ෂ ද සිල්වා එහි සඳහන් කරන්නේ රට නැවත ගමන් කරමින් සිටින අනතුරුදායක ගමන්මඟ පිළිබඳ මැයි 21 වැනිදා පැවති ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවේදී දැඩි අවධානය යොමුකළ බවයි.

Author

Related Posts