සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් බන්ධනාගාරගතව සිටියදී 2018/2019 කාලසීමාවේදී ඔහු බැලීමට තමා ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්ස් සටහනක් තබමින් පිළිගෙන තිබේ.
ඔහු ඒ බව පිළිගෙන ඇත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මැයි 20 වැනිදා පැවති කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති විභාගයේදී විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කළ කරුණු දැක්වීම්වවලට ප්‍රතිචාර වශයෙන්ය.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වවරයා අධිකරණයට කරුණු දක්වමින් කීවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු බන්ධනාගාරගත සිටි පිල්ලෙයාන් හමුවවී ඇති බව හා ඉදිරි මැතිවරණයෙන් පසු ඔහුව නිදහස් කරන බවට පොරොන්දු වී ඇති බවයි.
සිය එක්ස් සටහනේ නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔහු පිල්ලෙයාන් හමුවවීමට යෑම ගැන බන්ධනාගාර වාර්තා අවශ්‍ය ඕනෑම අවස්ථාවවක ලබාගත හැකිව පවතින බවත්, එම වකවානුව වනවිට පිල්ලෙයාන් 2015 ජනාධිපතිවරණයට මෙන්ම 2018 පළාත් පාලන මැතිවරණයටද තරග කරමින් ඔවුන්ගේ සන්ධානයේ පාර්ශවකරුවකුව සිටි බවයි.
ඕනෑම සාධාරණ පරීක්ෂණයකට මුහුණ දීමට ඔවුන් සැමවිටම සූදානම්ව සිටින බවත්, පවතින ඕනෑම සැකයක් විවෘතව හා විනිවිදභාවයකින් යුතුව නිරාකරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බවත් එහි සඳහන් කර තිබේ.
