වාහන ආනයනය සඳහා රේගු බදු මත සියයට 50ක අධිභාරයක් පැනවූ මැයි 16 දිනට පෙර දිනයේ එනම් මැයි 15 දින වාහන 1782ක් ගෙන්වීම සඳහා ණයවර ලිපි 380ක් පමණක් විවෘත කර ඇති බව මුදල් නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
මැයි 19 දින රාත්‍රි ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහනකට එක්වෙමින් ඔහු ඒ බව පැවසූ අතර ඔහු වාහන ආනයන ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධයෙන් එම කරුණු ඉදිරිපත් කළේ ඒ සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමිනි.
විපක්ෂය චෝදනා කර තිබුනේ වාහන ආනයනය සම්බන්ධයෙන් වන අධිභාරය පැනවූ දිනට පෙර දින වාහන 4000ක පමණ ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා ප්‍රකට ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු ණයවර ලිපි විවෘත කර ඇති බවයි.
