ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි…

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.

අද (19) උදෑසන පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නිගමනය නිල වශයෙන් සභාවට දැනුම් දෙනු ලැබීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) වගන්තිය ප්‍රකාරව මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇති බව කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ පනත් කෙටුම්පත සමස්තයක් ලෙස මෙන්ම එහි අඩංගු එක් එක් ප්‍රතිපාදනයන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකට පටහැනි නොවන බවට අධිකරණය නිගමනය කර ඇති බවයි.

Author

Related Posts