එක් පුද්ගලයකුට මාසයක් ජීවත්වෙන්න රුපියල් 16,690 ක් ඇති – ආණ්ඩුව කියයි

රුපියල් 16,690 කින් එක් පුද්ගලයකුට මාසයක කාලයක් ජීවත්විය හැකි බව මුදල් නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ප්‍රනාන්දු නවරත්න මැයි 19 දින පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යළි ප්‍රශ්න කළේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කරන එම සංඛ්‍යා දත්ත පිළිගත නොහැකි බවත්, එවන් මුදලකින් එක් පුද්ගලයකුට ආහාර හා වෙනත් වියදම් සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

ඒ සඳහා යළි පිළිතුරු ලබාදෙමින් මුදල් නියෝජ්‍ය මුදල් ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවේ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එම ගණනය කිරීම් සිදුකර ඇති බවයි.

Author

Related Posts