පල්ලේගම හේමරතන හිමි තවමත් ජාතික රෝහලේ නේවාසිකව රැදී සිටින බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබද නිසි වාර්තා ලබා දී ජාතික රෝහලෙන් ඔහුව නිදහස් නොකළහොත් මැයි 22 වැනිදාද ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇති බවත් ආරංචිමාර්ග වාර්තා කරයි.
මේ අතර පල්ලේගම හේමරතන හිමිට අදාලව නීතිය ක්‍රියාත්මක වීමේ මන්දගාමීත්වය ප්‍රශ්න කරමින් ‘නිහඩතාව බිදිමු- අපයෝජනයට එරෙහි වෙමු‘ යන තේමාවෙන් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට හවස 3ට විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.
ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවාද යන්න ජාතික ළමාරක්ෂක අධිකාරිය ඇතුළු රජයේ ආයතන කිහිපයකින් සොයා බලා ඇති නමුත්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාරය වී ඇත්තේ රෝහලෙන් ඔහුව නිදහස් නොකළහොත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැති බවයි.
පල්ලේගම හේමරතන හිමියන්ට වරෙන්තු නිකුත් කිරීමට පෙර ඔහු රෝහල්ගතව නොසිටි අතර, වරෙන්තු නිකුත් කළ විගස නවලෝක රෝහලේ ප්‍රතිකාර ලැබීම සදහා නවාතැන් ගැනීමට කටයුතු කළේය. ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ දක්වාම නවලෝක රෝහලේ සහ ඉන් පසු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව රැදී සිටී.
සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ ප්‍රබලම පුද්ගලයෙකු සහ අටමස්ථානාධිපති ධුරය හොබවන පල්ලේගම හේමරතන හිමියන් ළමා අපයෝජනය, ස්ත්‍රී දූෂණය ඇතුළු චෝදනා කිහිපයකට සැකකරුවෙකු ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නම් කර සිටී.


අණ්ඩුව මේ ගැන ගෙනියන නිහඬ පිළිවෙත ගැන නම් පැහැදිමක නෑ…
Kotata pasaga pihituwa.wadinna. ekek. Nethi wenawa.gamedi.okata wadinna one rahasaga pihituwala