දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූවන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය ඩිජිටල් වන්දි කළමනාකරණ පද්ධතිය හා ප්‍රජා විමසීම් යාන්ත්‍රණය සකස් කිරීම සඳහා නෝර්වේ රජයේ මූල්‍ය ආධාර, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ්) හා එක්සත් ජාතීන්ගේ ස්වෙච්ඡා වැඩසටහනේ සහයෝගය ලැබී ඇත.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය යටතේ මෙම ඩිජිටල් වන්දි කළමනාකරන පද්ධතිය සහ ප්‍රජා විමසීම් යාන්ත්‍රණය ක්‍රියාත්මක වන අතර එය රජයේ නිලධාරීන්ට සහ ආපදාවෙන් පීඩාවට පත්වූ පවුල්වලට පරිපාලනමය දුෂ්කරතා අවම කරමින් කටයුතු කිරීම සඳහා නිර්මාණය කර ඇති බව සඳහන් කර ඇත.
මෙම යාන්ත්‍රණය ඔස්සේ ප්‍රජාවන්ට දිට්වා සුළි කුණාටුවේ දීමනා, වන්දි, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් යන ආපදා සහන සේවා තොරතුරු ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත යොමු කළ හැකි අතර ඒ සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් 0716807807 යන අංකයෙන් හෝ කියුආර් කේතයෙන් විමසීම මගින් බව ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් යුනිසෙෆ් සංවිධානය සඳහන් කරයි.
