ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අමාත්‍යාංශවලින් වාහන

ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමාත්‍යාංශවලින් වාහන ලබාදී ඇති බව අනාවරණය වේ.

මෙසේ අනාවරණය වන්නේ ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී කේ ජයසුන්දර මැයි 17 වැනිදා ගාල්ල හිනිදුම ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්වීමේ සිදුවීමත් සමඟය.

එහිදී මන්ත්‍රීවරයා ගමන්ගත් WP PB 3720 දරන කැබ් රථය අනතුරට ලක්වී ඇති අතර එම රථය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී පොලීසිය හඳුනාගෙන ඇත්තේ එම කැබි රථය ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට අයත් එකක් බවයි.

ජාතික ජන බලවේග ආණ්ඩුව ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන ඔවුන්ගේ මන්ත්‍රීවරුන්ට රජයේ අමාත්‍යාංශවලින් වාහන අනුයුක්ත කර ඇති බවක් පිළිගෙන හෝ කියා නැති අතර මෙම රිය අනතුරෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රජයේ අමාත්‍යාංශවල වාහන ලබාදී ඇති බව ප්‍රසිද්ධියේ අනාවරණය වී ඇත.

මෙම අනතුරෙන් එම කැබ් රථය සමඟ අනතුරට පත්වුන ත්‍රීරෝද රථයේ රියදුරු හා ඔහුගේ පුතනුවන් තුවාල ලබා රෝහල් ගතකර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading