“ජවිපෙට අන්තරයක් තියෙනවා. හැබැයි මල්වානේ ගෙදරට ගියේ අපේ අන්තරේ නෙවෙයි” විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා කියයි !

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ “අන්තරයක්” පවතින බවත්, මල්වානේ නිවස අත්පත් කරගත් අන්තරය ජවිපෙට සම්බන්ධ අන්තරය නොවන බවත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පවසනවා.

අන්තරේ යැයි කියාගන්න පිරිසක් විසින් මල්වානේ නිවසට ඇතුලුවීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කරනු ලැබුවා.

“දන්න විදිහට අන්තරවල් දෙකක් තියෙනවා. අපිට සම්බන්ධ අන්තරේ නෙවෙයි මම හිතන්නෙ ගිහින් තියෙන්නේ. කමක් නෑ ගියත්. ඒත් ප්‍රශ්නයක් නෑ. ඔය අන්තරය යනවට මම නම් කැමතියි. එතකොට ඉතින් තව ටිකක් හයිලයිට් වෙනවනෙ” යනුවෙන් එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

කෙසේ නමුුුත්, මල්වාන නිවස සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින බවත්, අයිතිකාරයෙක් නැති නිවසක් පැවතිය නොහැකි බවත් පවසන අමාත්‍යවරයා “අපි කියපු විදිහටම ඒවායේ අයිතිය ජනතාවට දෙනවා. අපි ඒවගෙන් ප්‍රයෝජන ගන්න විදිහට වැඩ කරනවා” යනුවෙන් ද සඳහන් කරනු ලැබුවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading