ශ්‍රී ලන්කන් වැරදි ගිණුමකට මුදල් යවලා ! සොයා බලන ලෙස දයාසිරි ආණ්ඩුවෙන් ඉල්ලයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ චෙන්නායි ශාඛාවෙන් ඩුබාහි අලෙවි නියෝජිතයෙකුට ගෙවීම ඇති මුදලක් එය ගෙවීමට ඇති බැංකුව වෙනුවට වෙනත් බැංකුවක ගිණුමට බැරකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම ආණ්ඩුවේ වගකීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

මන්ත්‍රීවරයා පවසන්නේ ශ්‍රී ලන්කන් ඩුබාහි අලෙවි නියෝජිත සාරාෆ් ට්‍රැවල්ස් වෙත ඩිරාම් 974,050 ක හෙවත් රුපියල් කෝටි අටහමාරක මුදලක් එමිරේට්ස් එන්ඩීබී (පීජේඑස්සී) බැංකුවේ ගිණුමට බැර කිරීමට තිබී ඇති බවත්, එහෙත් එම මුදල් අබුඩාබි ඉස්ලාමික් බැංකුවට බැරකර ඇති බවත්ය.

එසේ වැරදි ගිණුමකට බැරකර ඇති මුදල් නැවත අයකර ගැනීමට නොහැකි අර්බුදයකට ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් පත්වී ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

Author

Related Posts