ඩේසි ආච්චි නිදොස් නෑ නුසුදුසු සෞඛ්‍ය තත්වය නිසා මුදා හැරලා පමණයි ! ඇය සමඟ කුමන්ත්‍රණ චෝදනාව යෝෂිතට අදාළයි !!

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝජෂිත රාජපක්ෂට එරෙහි නඩුවේ දෙවන විත්තිකාරිය ලෙස නම්කර සිටි ඩේසි ෆොරස්ට් හෙවත් ඩේසි ආච්චි එම නඩුවෙන් මුදා හැරියා මිස නිදොස් කර නැති බව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ප්‍රකාශ කර තිබේ.

ඒ, ඒ සම්බන්ධයෙන් වන නඩුව කොළඹ මහාධිකරණයේදී මැයි 14 වැනිදා කැඳවූ අවස්ථාවේදීය.

එහිදී කොළඹ මහාධිකරණ විනිසුරුවරයා කියා ඇත්තේ ඩේසි ෆොරස්ට් නැමැත්තිය නඩුවෙන් මුදා හැරීම සිදුවූයේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 වැනි වගන්තිය යටතේ බවත්, එම වගන්තිය යටතේ විත්තිකරුවකු මුදා හැරීම ‘නිදොස් කිරීමක්’ නොවන බවත්ය. එහිදී සිදුවී ඇත්තේ ඩේසි ෆොරස්ට් නැමැති විත්තිකාරියට එරෙහිව පවරා ඇති නඩු කටයුත්ත නතර කිරීමක් පමණක් බවත්ය.

එම නඩුවේ දෙවන විතිතිකාරිය වන ඩේසි ෆොරස්ට් නැමැත්තිය නඩු විභාගයකට මුහුණ දීමට හා උත්තරවාද බැඳීමට සුදුසු මානසික තත්වයක නොසිටින බවට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් තීරණය කිරීමෙන් පසු ඇය මුදා හැරීමට අධිකරණය තීරණය කළ බවද ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ වී ඇත.

ඒ නිසා ඩේසි ෆොරස්ට් නැමැත්තිය එම නඩුවෙන් මුදා හැරීම හේතුවෙන් ඇය සමඟ ‘කුමන්ත්‍රණය’ කිරීම යන චෝදනාව යෝෂිත රාජපක්ෂට එල්ල කිරීම අහෝසි නොවන බවද අධිකරණය නිගමනය කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading