පල්ලේගම හේමරතන හිමිට එරෙහිව එල්ල වී ඇති ළමා අපයෛා්ජන සහ ස්ත්‍රී දූෂණ චෝදනාවලට අදාල නඩු විභාගය සදහා මැදිහත්වෙන ලෙස ඉල්ලමින් ජාතික ළමාරක්ෂක අධිකාරිය නීතිපති දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කර තිබේ.
මැයි 15 දිනැතිව මෙම ලිපිය යොමු කර තිබේ.
මෙම සිදුවීමට අදාලව මහජන කැළඹීමක් තිබෙන නිසා විශේෂ අවධානයක් යොමු කොට මේ සදහා අවශ්‍ය නීති උපදෙස් සහ නීතිඥ සහාය ලබා දෙන ලෙස ඉල්ලමින් ළමාරක්ෂක අධිකාරියෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වෙයි.
ගම්පහ ළමා හා කාන්තා කොට්ඨාශයෙන් දැනටමත් මෙම සිදුවීම නීතිපති උපදෙස් සදහා යොමු කර ඇතැයි අද අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් ගම්පහ පොලිස් ආරංචිමාර්ග පවසන්නේ මෙම නඩුවට අදාලව තමන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සමග සිදුකළ එක්තරා සාකච්ඡාවකදී නීතිපති දෙපාර්තමේන්තුවේ එක්තරා නිලධාරියෙකු ‘මෙය තවත් එක් නඩු කටයුත්තක් පමණක් බවත්, මෙය විශේෂ ලෙස සැලකීමේ අවශ්‍යතාවක් නොමැති බවත්‘ ප්‍රකාශ කර ඇති බවය.
