සනත් නිශාන්තගේ සොහොයුරා ජගත් සමන්තට වසර 5 හමාරක සිරදඬුවම්…

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතාට හලාවත මහාධිකරණය විසින් අද (15) බරපතළ වැඩ සහිත වසර 5 හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය දිවංගත සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ සොහොයුරු ජගත් සමන්ත යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

අදාළ නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ සාක්ෂි සහ කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ මහාධිකරණය, විත්තිකරුට එරෙහිව එල්ල වී තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව නිගමනය කර ඇත.

ඒ අනුව, වරදකරු වූ විත්තිකරුට වසර 5යි මාස 6කබරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ අධිකරණය, පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.

තවද, නියම කරන ලද එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම්, විත්තිකරුට තවත් මාස 24ක අතිරේක සිරදඬුවමක් විඳීමට සිදුවන බව ද සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණය අවධාරණය කර තිබේ.

මෙම සිද්ධියේ පළමු විත්තිකරු වූ සනත් නිශාන්ත මහතා 2024 ජනවාරි 25 වැනිදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත විය.

එබැවින් සනත් නිශාන්තට අදාළ චෝදනා නීතිමය වශයෙන් අහෝසි වූ අතර, අද දින අධිකරණය හමුවේ පෙනී සිට ඇත්තේ ඔහුගේ සොහොයුරා වන ජගත් සමන්ත පමණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading