බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධිය: අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන අත්අඩංගුවට ගැනීමට වරෙන්තු…

පසුගිය දින වල දැඩි කතා බහකට ලක් වුණු, බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන සහ අදාළ දැරියගේ මව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සසිඳු වික්‍රමරත්න මහතා අද (08) මහේස්ත්‍රාත් නිල මැදිරියේදී වරෙන්තු නිකුත් කර තිබේ.

වරෙන්තු නිකුත් කිරීමට අමතරව, සිද්ධියට සම්බන්ධ සැකකාර හිමිනමට සහ දැරියගේ මවට වහාම ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් තහනමක් පැනවීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

පසුගිය දින කිහිපය පුරා සමාජය තුළ දැඩි කතාබහට ලක්වූ මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලින් අනතුරුව කරුණු අධිකරණයට වාර්තා කෙරිණි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ අදාළ දැරියගෙන් ලබාගත් ප්‍රකාශ සහ වෛද්‍ය වාර්තා මගින් මෙම අපයෝජනය සිදුව ඇති බවට මූලික සාක්ෂි අනාවරණය වී ඇති බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගත් වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අපයෝජනයට ලක්වූ දැරියට අවශ්‍ය මානසික උපදේශනය සහ ආරක්ෂාව සැපයීමට අධිකරණය විසින් පරිවාස නිලධාරීන්ටද උපදෙස් දී ඇති බව පැවසේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading