සිවිල් අපහාස නීතිය යටතේ පොලීසියට කටයුතු කිරීමේ බලයක් නැති තත්වය තුළ පුත්තලම දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් විසින් මාධ්‍ය වාර්තාකරණයක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව හලාවත මූලස්ථාන පොලීසිය මාධ්‍යවේදියකු කැඳවා තිබේ.
දැදුරුඔය රක්ෂිතයේ වැලි කැපීමේ ජාවාරමක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් විසින් කරන ලද වාර්තාකරණයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේග පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු පමන්ත්‍රී අජිත් ගිහාන් එසේ පොලීසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව පසුගිය අප්‍රේල් මස 27 වැනිදා මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල්ට පොලීසියේ පෙනී සිටින ලෙස හලාවත මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇත.
මාධ්‍යවේදි ප්‍රසාද් පූර්ණිමාල් ඊට පෙර දින පොලීසියට ගොස් දැනුම් දී ඇත්තේ ඔහුට රාජකාරි බහුල බැවින් මැයි මස 20න් පසු දිනෙක පොලීසියේ පෙනී සිටිය හැකි බවයි.
