කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත අමාත්‍යවරයා සම්බන්ධයෙන් කළ බව කියන අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ඒ අමාත්‍යවරයා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධ චෝදනාවකට අදාළවයි.
ඒ අනුව, ‘Top News Lk’ නමැති Facebook පිටුවෙහි ප්‍රචාරය වූ වීඩියෝවක මෙම චෝදනා එල්ල වූ අසත්‍ය ප්‍රකාශය ඇතුළත් ව තිබූ බවත්, මෙකී අනුරාධ තෙන්නකෝන් යන අය මෙම අසත්‍ය ප්‍රකාශය සිදු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ලෙහි සඳහන් කර තිබෙනවා.
ඔහු විසින් එලෙස සිදු කරන ලද ප්‍රකාශයන් හරහා අමාත්‍යවරයාගේ කීර්ති නාමයට හානි සිදු කිරීමට හා අමාත්‍යාංශයේ නිල ක්‍රියාවලියේ අක්‍රමවත් භාවයක් පවතින බව හුවා දැක්වීමට උත්සාහ කර ඇති බවත්, මෙය සංවිධානාත්මකව සිදු කරන ලද ක්‍රියාවක් වන බවත්, එම පැමිණිල්ලෙහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.
