මු.කො. වෙනුවෙන් හකීම් පක්ෂ නායක රැස්වීම්වලට! පෙත්සම් දාලා ඉල්ලපු දේ, මැතිවරණ කොමිසම දීලා!

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම්වලට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් එහි නායක රවුෆ් හකීම් හෝ එහි මහ ලේකම් නිසාම් කාරියප්පර් කැඳවීමට සිදුවනු ඇතැයි වාර්තාවේ.

ඒ සමගි ජන බලවේගය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයන් බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට කර ඇති දැනුම් දීම අනුවය.

මෙතෙක් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ඔවුන් දෙදෙනා කැඳවා තිබුනේ නැත.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයන් ලෙස පිළිගන්නා ලෙසට මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එහිදී මැතිවරණ කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading