ශිෂ්‍ය භික්ෂුවකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම හේතුවෙන් වසර 20 කට සිරගත වූ හිමිනමක් නිදොස් කොට නිදහස් ! මහාධිකරණ තීන්දුව අභියාචනාධිකරණයේ දී වෙනස් වෙයි !!

මහාධිකරණයෙන් වසර 20ක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් නියම කරනු ලැබ තිබූ, ශිෂ්‍ය භික්ෂුවකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බවට චෝදනා එල්ල වූ හිමිනමක් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (4) නියම කරනු ලැබුවා.

2023 වසරේ දී මහාධිකරණය විසින් වසර 20 ක සිරදඬුවමක්ද, රුපියල් 10,000 ක දඩයක් හා ශිෂ්‍ය භික්ෂූන්වහන්සේට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීීී නියම කරමින් අදාළ හිමියන් වැරදිකරුකරු ලෙස තීන්දු කරනු ලැබ තිබුණා.

ඒ අනුව, එම තීන්දුව අභියෝගයට ලක් කරමින් අදාළ හිමිනම අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර, ඊට අදාළ නඩුව පසුගිය මාර්තු මස 24 වන දින බී සසී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ දී විභාගයට ගනු ලැබුවා.

එලෙස නඩුව යළි විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම නඩු තීන්දුව විනිසුරු සසී මහේන්ද්‍රන්ගේ එකඟත්වයෙන් විනිසුරු අමල් රණරාජා විසින් ඊයේ (4) ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

2018 වසරේ මාර්තු පළමුවැනිදාත්, 2018 වසරේ මැයි 31 වැනිදාත් අතරතුර කාලයේදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමකට බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියමින් නීතිපතිවරයා විසින් අදාල හිමිනමට එරෙහිව 2019 වසරේදී අධිචෝදනා ගොනු කරනු ලැබ තිබුණා.

ඒ අනුව මෙම අභියාචනාධිකරණ නඩු විභාගයේ දී, චූදිත හිමිනම වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කළේ සාක්කිකාර ශිෂ්‍ය හිමිනමගේ සාක්කිය අනුව මෙවැනි සිදුවීමක් වීමේ සම්භාවිතාවක් නොමැති බවයි.

එම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ තවත් සාමනේර හිමිවරුන් තිදෙනකු සමග පිරිවෙනේ එක් කාමරයක නේවාසිකව සිට ඇති අතර, චෝදනා එල්ල කෙරුණු හිමියන් දිනක් රාත්‍රී කාලයේදී තම කාමරයේ දොරට තට්ටු කර ඉන්ධන විමසා සිටි බවත්, ඊට ප්‍රතිචාර දැක්වීමෙන් පසු ඒ හිමියන් තමන් වහන්සේ බිම තිබූ මෙට්ටයට පෙරලාගෙන ලිංගික අපයෝජනයට ලක් කළ බවත්, ඒ හිමියන් කාමරයට එන අවස්ථාවේ එම කාමරයේ සිටි එක් සාමනේර හිමිනමක් අවදියෙන් සිටි බවත්, සිද්ධිය සිදුවන විට නිදාගෙන සිටි එක් සාමනේර හිමිනමක් ද තමන් විසින් අවදි කළ බවත් එකී සාක්කිය මඟින් ප්‍රකාශ කරනු ලැබ තිබුණා.

මෙම සිද්ධිය ප්‍රායෝගිකව වීමේ හැකියාව, පැමිණිල්ලේ පරස්පරතා සහ විත්තියේ සාක්කි යන කරුණු  තුන සලකා බලමින්, සාක්කියට අනුව සිද්ධිය වන අවස්ථාවේ තවත් හිමිවරුන් තිදෙනකු එම කාමරයේ සිටි බවත්, ඉන් දෙදෙනෙකු අවදි වී ද සිට ඇති බවත්, චූදිත හිමිනමට වෙනම කාමරයක් තිබියදී තවත් හිමිවරුන් පිරිසක් ඉදිරියේ එවැනි අපයෝජනයක් කිරීම ප්‍රායෝගිකව සිදුවීමේ හැකියාව ගැන සැකයක් මතුවන බවත් අභියාචනාධිකරණයේ දී ප්‍රධාන වශයෙන් සැකයට භෘජනය වුණා.

ඒ අනුව ,  වින්දිත හිමිනම පොලිසියට සහ අධිකරණයට ලබා දුන් සාක්ෂිවල කාලවකවානු අතර බරපතල පරස්පරතා පවතින බවත්, සිද්ධියේ ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකරුවකු වන හිමිනමක් සාක්කිවලට කැඳවා නැති බවත් නිරීක්ෂණය කළ අභියාචනාධිකරණය, චූදිත ස්වාමීන්වහන්සේ වෙනුවෙන් විත්තියේ සාක්කි කැඳවීමේදී ප්‍රකාශ ලබා දුන් වෙනත් හිමිනමක් සඳහන් කරනු ලැබූ “වින්දිත සාමණේර හිමියන්ට නිවසට යෑමට අවශ්‍යව තිබූ හෙයින් චූදිත හිමිනම කරදර කරනවායැයි නිවසට කියුවහොත් පියා පැමිණ තමා රැගෙන යනු ඇති බව” ට ඒ හිමියන් ඊට පෙර ප්‍රකාශ කළ බවට වූ සාක්ෂිය මත ද පදනම්ව මෙලෙස අදාළ හිමිනම නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කරනු ලැබුවා.   

ඒ අනුව, අභියාචනාධිකරණය විසින් මහාධිකරණ තීන්දුව අත්හිටුවීමට නියෝග කරමින්, චූදිත හිමියන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරනු ලැබුවා.

මෙම තීන්දුව ලබා දෙන අවස්ථාව වන විට චූදිත හිමිනම වසර තුනක කාලයක් බන්ධනාගාර ගතව සිටියා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading