ගිනි අවියක් පෙන්වා කාන්තාවකට තර්ජනය කළ මන්ත්‍රී අර්ච්චුනාට ඇප !

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

ඒ මන්ත්‍රීවරයා අද (29) යළි මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

යාපනය පෙරියවිලාන් ප්‍රදේශයේ දී ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදු කිරීම සම්බන්ධ සිද්ධියකට අදාළව, ඉලවාලෙයි පොලීසිය මගින් අර්චුනා මන්ත්‍රීවරයා පෙරේදා උදෑසන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබ තිබූ අතර, අදාළ කාන්තාව ද අත්අඩංගුවට ගැනීමට කටයුතු සිදු කර තිබුණා.

මහෙස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවතින ඉඩමක් ඉඩම තමාට අයත් බව පවසමින් මන්ත්‍රීවරයා විසින් එහි අයිතිය තමාටද ඇති බව පැවසූ අදාළ කාන්තාව වෙත මෙම තර්ජනය සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත්,  මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටිය දී එම ස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඉඩමෙන් කොටසක් තමන්ට අයත් බව පවසමින් මන්ත්‍රීවරයා සමග බහින් බස්වීමක් ඇති කර ගනු ලැබ ඇති අතර, එම බහින්බස්වීම දුරදිගයාම හේතුවෙන් මන්ත්‍රීවරයා මෙලෙස තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading