නම සංශෝධනය කරන අය­දු­ම්ප‍තේ අත් අ­කුරු අත්සන මගේ නෙවෙයි ! තමාට එරෙහි කූඨ ලේඛන නඩුුුවේ සාක්ෂි දෙමින් ඩයනා අධිකරණයට කියයි.

ව්‍යාජ උප්පැ­න්න­යක් ඉදි­රි­පත් කර හැඳු­නු­ම්ප­තක් ලබා ගැනීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් හිටපු රාජ්‍ය ඇමැ­ති ඩයනා ගමගේට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණයේ දී ඊයේ (28) විභාගයට ගනු ලැබුවා.

කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු නදී අපර්ණා ඉදිරියේ කැඳවන ලද මෙම නඩුවේ දී විත්තිකාර ඩයනා ගමගේ දිවු­රු­ම්පිට සාක්කි දෙමින් පවසා සිටියේ, තම නම සහිතව රෙජි­ස්ට්‍රාර් ජන­රා­ල්ව­ර­යාට ඉදි­රි­පත්ව ඇති නම් වෙනස් කිරීමේ අය­දුම්පත්‍රයේ දැක්වෙන අත්අ­කුරු හෝ අත්සන තමාගේ නොවන බවත්, අය­දු­ම්පත ඉදි­රි­පත් කළ දිනයේ දී තමා විදේ­ශ­ග­තව සිටි බවත් ය.

එමෙන්ම ඇය වැඩිදුරටත් එහි දී සඳහන් කරනු ලැබුවේ, තමන් අවස්ථා දෙක­කදී නම් වෙනස් කළ බවත්, තමාගේ මුල් නම ඩයනා සම­න්මලී වූ අතර පසුව 2013 දී ‘ඩයනා නටාෂා කැක­ණ­දුර’ ලෙස ද පසුව නැවත එය ‘ඩයනා ගමගේ’ ලෙස ද වෙනස් කළ බවයි.

කෙසේ නමුත්, ‘ගමගේ’ යනු තමන්ගේ පියාගේ වාස­ගම බවත්,  නම් වෙනස් කිරීමේ අය­දුම් පත්‍රය සමඟ සාක්ෂි­යක් ලෙස බදු කුලී ගිවි­සු­මක පිට­ප­තක් ඉදි­රි­පත් කළ බව මතක නමුත් එය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇති ලේඛ­නය නොවන බවත් විත්ති­කා­රිය එහි දී අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරනු ලැබුවා.

තමා නම් වෙනස් කිරීමේ අය­දුම් පත්‍රය ඉදි­රි­පත් කර මේ වන විට වසර 12ක් ගතව ඇතත් රෙජි­ස්ට්‍රාර් ජන­රා­ල්ව­රයා එම සංශෝ­ධ­නය කර නැති බවයි විත්ති­කා­රිය අධිකරණය හමුවේ සඳහන් කරනු ලැබුවේ.

තව ද උසා­වියට ඉදි­රි­පත් කර ඇති ලේඛ­නයේ තමාගේ ලිපි­නය ලෙස නුගේ­ගොඩ, ස්ටේෂන් පාරේ ලිපි­න­යක් දක්වා ඇතත් තමා එහි පදිං­චි නොමැති බව ද සඳහන් කළ විත්තිකාර ඩයනා ගමගේ, තමා පදිංචිව සිටින්නේ අම්ග­ම්පි­ටිය පාර, ඇතු­ල්කෝට්ටේ, කෝට්ටේ යන ලිපි­නයෙහි බව ද සඳහන් කරනු ලැබුවා.

මෙලෙස විත්ති­කා­රි­යගේ සාක්ෂි විම­සීම අව­සන් වීමෙන් අනතුරුව, අම­තර සාක්ෂි­ක­රු­වන් ඉදි­රි­පත් කර­න්නේ­දැයි අධි­ක­ර­ණය විමසා සිටි අතර විත්තිය විසින් සඳහන් කර සිටියේ එවැනි සාක්ෂි­ක­රු­වන් ඉදි­රි­පත් කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ නමුත්, එහි දී රජයේ අධි­නී­තිඥ අකිලා දල්ප­දාදු පෙන්වා දෙනු ලැබුවේ, 2026 වසරේ පෙබ­ර­වාරි 3 දා දින සිට සති දෙකක් තුළ විත්තියේ සාක්ෂි­ක­රු­වන්ගේ ලේඛ­න­යක් ඉදි­රි­පත් කරන ලෙස දන්වා ඇති නමුත්, එලෙස ඉදිරිපත් කිරීමක් විත්තිය පාර්ශවයෙන් සිදු වී නොමැති බවයි.

නමුත්, විත්ති­යට කරුණු දැක්වී­මට අව­ස්ථා­වක් දිය යුතු බව තීර­ණය කළ අධි­ක­ර­ණය සති­යක් තුළ විත්තියේ සාක්ෂි­ක­රු­වන්ගේ ලේඛ­න­යක් අධි­ක­ර­ණයට ඉදි­රි­පත් කරන ලෙසයි අනතුරුව නියෝග කරනු ලැබුවේ.

විත්ති­කා­රි­යගේ නම ‘ඩයනා ගමගේ’ යනු­වෙන් නීත්‍ය­නු­කූල ලෙස සංශෝ­ධ­නය නොකළ අවධියක, ශ්‍රී ලංකාවේ පුර­වැ­සි­යකු නොවන බව දැන­දැ­නම එම නම සඳ­හන් හැඳු­නු­ම්ප­තක් ලබා ගැනීම සඳහා පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් රැව­ටීමේ අද­හ­සින් අංක 4658 දරන කූට උප්පැන්න ලේඛ­න­යක් පාන­දු­රේදී හෝ කොළ­ඹදී සකස් කිරීම, ඒ සඳහා අනු­බල දීම යන වර­ද­වල් සඳහා මෙම නඩු පැව­රීම සිදුව තිබෙනවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading