‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්’ නම භාවිතා කර සිදු කරන අනීතික මුදල් වංචාවක් පිළිබඳ හෙළි වෙයි !!!

‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්’ යන නම භාවිත කර අනිශ්ඨ බැංකු ට්‍රෝජන් යෙදුමක් ස්ථාපනය කිරීම මඟින් ජංගම දුරකථන වෙත දුරස්ථ ප්‍රවේශය ලබාගැනීම හරහා සිදු කරන මුදල් වංචාවක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

ඒ අනුව, ‘ශ්‍රිලන්කන් එයාර්ලයින්’ යනුවෙන් සඳහන් කරමින් Whatsapp ගිණුම් හරහා දුරකථන සම්බන්ධතා ඇති කරගැනීමෙන් අනතුරුව ව්‍යාජ වෙබ් අඩවි තුනක් භාවිතා කර, ‘SriLankan.apk’ යනුවෙන් පවතින ජංගම දුරකථන යෙදුමක් දුරකතයන්හි ස්ථාපනය කරවීම මෙම ක්‍රියාවලියේ මූලාරම්භය බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනු ලබන්නේ.

මේ හරහා පුද්ගල සංවේදී දත්ත නිරාවණය කරගැනීමේ හැකියාව ලැබෙව බවට නිරීක්ෂණය වී ඇති බවත්,  මෙම වංචාවට හසුවන පුද්ගලයින්ගේ OTP, බැංකු ගිණුම් තොරතුරු සහ සත්‍යාපන දත්ත ලබාගැනීම හරහා බැංකු යෙදුම් වෙත අනවසර ප්‍රවේශ ලබා ගනිමින් වංචනික ලෙස මුදල් වෙනත් බැංකු ගිණුම් වෙත බැර කරගැනීම සිදු කරන බවත් අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසනවා.  

මෙකී ක්‍රියාවලිය සඳහා 077 45 58 361, 011 77 71 979, 074 11 42 208, 077 57 91 209 සහ 074 32 68 200 යන අංක භාවිත කරනු ලබන බවට නිරීක්ෂණ වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැහැදිලි කරනු ලබන්නේ.

ක්ෂණික මූල්‍ය වාසි ලබාගැනීමේ අරමුණින්, විවිධ වංචනික පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් සිදු කරනු ලබන මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙස පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. 

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading