අධික වැස්සෙන් වතු නිවාස 50 ක් හා ඩයගම ප්‍රධාන මාර්ගය යටවෙයි !

ඊයේ (21) පස්ව­රුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතු­වෙන්, හැටන් දික්ඔය ප්‍රදේ­ශ­යේ ෆෝඩ­යිස් වතු­යාය ආශ්‍රිත පහ­ත්බි­ම්වල පිහිටි වතු නිවාස 50ක් සම්පූ­ර්ණ­යෙන්ම ජල­යෙන් යට වී ඇති බව හැටන් පොලිසිය පවසනවා.

එහි දී එම වතු­යාය හරහා කාසල්රි ජලා­ශ­යට ජලය ගලා බසිනා දික්ඔය ඇළ පිටාර ගැලී­මෙන් මෙම ආපදා තත්ත්වය ඇති වී ඇති බවත්, වර්ෂාව හේතුවෙන් හැටන් ෆෝඩ­යිස් හරහා ඩය­ගම මාර්ගයේ ගමනාගමන කට­යුතු ද සම්පූ­ර්ණ­යෙන්ම ඇන­හිට ඇති බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය සඳහන් කර සිටියා.

ඒ අනුව එම නිවා­ස­වල පදිංචි පවුල් 50 කට පමණ අයත් සාමා­ජි­ක­යන් 100 කට අධික පිරි­සක් ආර­ක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව වතු අධි­කා­රිය සඳහන් කර සිටියා.

ඊයේ දිනයේ පස්වරු 3 සහ 4 අතර පැයකට ආසන්න කාලයේ දී ඇද හැලුණු අධික වර්ෂා­ව මෙම තත්ත්වය ඇති වීමට බලපෑ බවයි සිද්ධිය සම්බන්ධයෙන්ව අදහස්න් දක්වමින් වතු කම්ක­රුවන් සඳහන් කර ඇත්තේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading