“පැත්ත ගියත් බොරුම කියන ආයතනවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි” – අලුත් පියාපත්

ඕනෑම තත්ත්වයක් යටතේ අසත්‍ය තොරතුරු සහ ප්‍රකාශ සමාජගත කරන ආයතනවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ‘අලුත් පියාපත්’ සංවිධානය රජයෙන් ඉල්ලා සිටී.

එම සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජිකා මොනාෂා ඕෂදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේ, වගකීම් විරහිතව කටයුතු කරන ආයතන පිළිබඳව රජය මීට වඩා අවධානය යොමු කළ යුතු බවයි.

පැත්ත ගියත් බොරුම කියන මේ ආයතන ටික මේ කරන දේට සහ ඇති කරන බලපෑමට වත්මන් රජය වගකියන්න ඕන. හේතුව, මේවා නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් දේවල්. වල් පැළයක් යන්තම් වැවීගෙන එද්දී අපි එය ගලවලා ඉවත් කරනවා වගේ නියපොත්තෙන් කඩලා දාන්න ඕන මේ වගේ ඒවා, මන්නෙන් කපන තැනට ගෙනල්ලා තියෙනවා. මේවා ජනතාවගේ ඔලුවටත් උඩින් යන්න දීලා ජනතාවගේ ඔලු ගලවාගෙන යන්න ඉඩ තියන්නේ නැතුව මේකට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා.

යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී ඉන්න තරුණ පරපුරක් විදිහට අපි සුදානම් නැහැ මේ වගකීම ගන්න වගේම අපි සූදානම් නෑ රටට මේ සිදු වන විනාශය බලාගෙන ඉන්න… යනුවෙන් ඇය අවධාරණය කර සිටියා.

”අලුත් පියාපත්’ සංවිධානය විසින් පවත්වන ලද මෙම මාධ්‍ය හමුවේදී, තොරතුරු වාර්තා කිරීමේදී සහ විවිධ ප්‍රකාශ නිකුත් කිරීමේදී අදාළ ආයතන සතු වගකීම් සහගත බව සහතික කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අතර, සිතාමතාම අසත්‍ය තොරතුරු පතුරුවන ආයතන නියාමනය කිරීම සඳහා දැනට පවතින නීති රීති ඉතා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවටද යෝජනා විය.

එමෙන්ම, තොරතුරු මූලාශ්‍රයන්හි විශ්වසනීයත්වය ආරක්ෂා කරමින් මහජන විශ්වාසය තහවුරු කිරීමට රජය සෘජුව මැදිහත් විය යුතු බවත්, සමාජයේ ස්ථාවරත්වය සහ යුක්තිය පවත්වාගෙන යාම උදෙසා සත්‍යවාදී තොරතුරු පද්ධතියක පැවැත්ම අත්‍යවශ්‍ය කරුණක් බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading