හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසේ දී යි.
කෙසේ නමුත් මින් පෙර අවස්ථා කිහිපයක දී මෛත්‍රී වික්‍රමසංහ වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙද දැනුම් දී තිබුණ ද, නිවසේ සිට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස වෛද්‍යවරුන් තමන්ට දැනුම් දී ඇති බැවින් අදාළ ප්‍රකාශය නිවසට පැමිණ සටහන් කරගන්නා ලෙස ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා එවා තිබුණා.
