වැඩිවන විදුලි ගාස්තුවලට සාපේක්ෂව, රයිස් – කොත්තු – කෙටි ආහාර – ප්ලේන්ටි සහ කිරි තේ මිළ වැඩිවෙයි !!

වැඩිවන විදුලි ගාස්තුවලට සාපේක්ෂව, අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි, ආහාර වර්ගවල මිල තත්ත්වයන් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රු 30 කින් ද, කෙටි කෑම වර්ගයන්හි මිල රුපියල් 10 කින් ද මෙම නව මිල වැඩිවීම යටතේ ඉහළ දමා ඇති බවයි.

කෙසේ වෙතත් , ප්ලේන්ටියක් සහ කිරි තේ මිල ද රුපියල් 5 කින් ඉහළ දැමෙන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ.

අප්‍රේල් මස පළමුවන දා සිට දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ යෑම හේතුවෙන්, මෙලෙස ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව පෙන්වා දෙනු ලබන ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ආපනාශාලා පවත්වාගෙන යනු ලබන සෑම ස්ථානයකම විදුලි බිල ඒකක 180 ඉක්මවා යනු ඇති බවත්,  180 ට වැඩි ඒකක සඳහා 25%කින් විදුලි ගාස්තු වැඩිවීමක් සිදු කර ඇති බැවින් එවැනි තත්ත්වයක් තුළ විශාල විදුලි බිලක් දැරීමට සිදුවීම හේතුවෙන් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා මෙලෙස මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බවත් ය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading