දිස්ත්‍රික්කයක එක් ජාතික පාසලක් සහ පළාත් පාසල් 3ක් බැගින් වන සේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි වසර 4ක් තුළ පාසල් 400ක ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව තරඟකාරී අධ්‍යාපන ක්‍රමය තුළ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවකට හුරු වීම සහ ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති වීම ක්‍රීඩා කටයුතු සඳහා පාසල් සිසුන්ගේ සහභාගිත්වය සතුටු දායක නොවන මට්ටමක පැවතීමට මෙන්ස ඔවුන්ගේ ශාරීරික, සාමාජීය හා මානසික යහපැවැත්ම ප්‍රවර්ධනයේ දී ගැටලු නිර්මාණය කරන බවත්, එම තත්ත්වය ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්විය හැකි විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනා ගැනීමට ද බලපෑම් ඇති කරන බවත් රජය විසින් හඳුනාගනු ලැබ තිබෙනවා.
තව ද පවත්නා රජයේ පාසල් 10,096ක් අතරින් 5%ක තරම් අඩු පාසල් ප්‍රමාණයක පමණක් සම්මත ප්‍රමාණයේ ක්‍රීඩා පිටි පවතින බව ද තහවුරු වී ඇති බැවින්, එම අභියෝග සියල්ලටම විසඳුමක් ලෙස ක්‍රීඩාව සඳහා සිසුන්ට සමාන අවස්ථාවන් සලසා දීම සහතික කිරීම පිණිස සෑම අධ්‍යාපන කලාපයක් තුළම මීටර 400 ධාවන පථයක් සහිත සම්මත ප්‍රමාණයේ එක් ක්‍රීඩා පිටියක් හෝ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මතයි මෙම යෝජනාව සම්පාදනය කර ඇත්තේ.
ඒ අනුව, දිස්ත්‍රික්කයක එක් ජාතික පාසලක් සහ පළාත් පාසල් 3ක් බැගින් වන සේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි වසර 4ක් තුළ පාසල් 400ක ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 2010.50ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2026-2029 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිසයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.
