ඉරානයේ උත්තරීතර නායක අලි ඛමේනි එක්ක එයාගෙ බිරිද, දුව, බෑණා, මිනිපිරී ඇතුළු පවුලක් විනාස කළා.
හැබැයි ගොඩක් අය හිතන්න අකමැති වුණාට, ලෝක දේශපාලනය දැන් මේ ඇතුළු වෙලා තියෙන්නේ හිතාගන්න බැරි තරම් භයානක අවදියකට.
මේක වෙනස්! මේ තත්වය වෙනස්! සිගිති ආතල්වලට යුද්ධෙ ගැන පොඩියට මොනාහරි කතා කරන එයට ඒ බව තේරෙන්නෑ.
ඉරාන ඉස්ලාමීය ජනරජය ගැන, ඒකෙ මතවාද ගැන නැත්නම් එහේ පාලකයෝ ගැන ඕනෑම කෙනෙක්ට ඕනෑම මතයක් තියෙන්න පුළුවන්. ඒ අයට දරුණු විදිහට බනින්න ඕන තරම් හේතුත් තියෙනවා. එකක් දෙකක් ගෙනෙවෙයි, දහස් ගණනක් මිනිස් ජීවිත විනාස කරපු දරුණු පාලනයක් ඒක.
හැබැයි එක ඇත්තක් අමතක කරන්න බෑ: අලි කමේනි කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක නීත්‍යානුකූල නායකයා. මුළු ලෝකෙම ඒක පිළිඅරගෙනයි තිබුණේ. අන්තිමට මේ ප්‍රහාරය සැලසුම් කරපු අය එක්කත්, මේ සටන පටන් ගන්න මොහොත වෙනකම්ම එයා දේශපාලන සාකච්ඡාවල නිරත වෙලා හිටියා.
තව රටක් මැදිහත් වෙලා, ඒ රටේ ප්‍රතිපත්තියක් විදිහටම වෙනත් රටක නායකයෙක්ව හිතාමතාම මරලා දානවා කියන්නේ ලෝක දේශපාලනයේ අලුත්ම සෙල්ලමක්. මේක නිකන්ම තවත් එක “පාලන තන්ත්‍රය වෙනස් කිරීමක්” නෙවෙයි. මුඅම්මර් ගඩාෆිට හරි සදාම් හුසේන්ට හරි වෙච්ච දේ එක්ක බැලුවත් මේකේ ලොකු වෙනසක් තියෙනවා. ගඩාෆිව මැරුවේ එහේ ඇතුළෙම ඇතිවුණු කඩා වැටීමක් අස්සේ ඒ රටේම විරුද්ධවාදීන්. සදාම් හුසේන්ව එල්ලුවේ ඉරාක උසාවියකින් නඩු අහලා—ඒකේ අඩුපාඩු තිබුණත් ඒක ඒ රට ඇතුළේ වෙච්ච දෙයක්.
හැබැයි ඉරානෙ කතාව ඊට වඩා වෙනස්. මේක හරියට ඉස්රායලය විසින් හිස්බුල්ලා හරි හමාස් හරි නායකයන්ව මරලා දාන ක්‍රමය වගේමයි. කිසිම නීතිමය රාමුවක් නෑ, රට ඇතුළේ නීතිමය පියවරක් ගත්තා වගේ බොරු රංගනයක්වත් නෑ,
පිටින් ඇවිත් කෙලින්ම මරලා දැම්මා.
මීට කලින් ඇමෙරිකාව සීඅයිඒ කුමන්ත්‍රණවලින් වෙන රටවල පාලකයන්ව මැරුවා. රෙජීම් මාරු කළා. ඒවා සමහරවිට හෙළි වුණේ අවුරුදු ගාණකට පස්සේ. ඒවා එළිපිට අමු අමුවේ වෙච්ච දේවල් නෙවෙයි. ඇමෙරිකාව ඒ අපරාධ සීඅයිඒ දම්මලා කරලා, බොරුවට ලෝක නීතිය රකිනවා වගේ රංගනයන් දැම්මා.
මෙතනදී ඇත්තටම වෙන්නේ මෙච්චර කාලයක් ලෝකේ තිබුණු අන්තිම නීති-රීති පද්ධතියත් කුඩු පට්ටම් වෙන එකයි. මේ විනාශය හෙමින් හෙමින් සිද්ධ වෙන නිසා, අපේ ඉන්න ලොකු ලොකු දේශපාලනඥයෝ හිතන්නේ මේක සාමාන්‍ය දේශපාලන තරගයක් කියලා.
ඒ ඔක්කොම මතවාද වැරදියි.
දැන් ඇමරිකාවට විරුද්ධ අයට පැහැදිලි තීරණ දෙකකට එන්න වෙනවා.
- පළවෙනි එක: වොෂින්ටනය එක්ක සාකච්ඡා කරලා වැඩක් නෑ. එක්කෝ සම්පූර්ණයෙන්ම යටත් වෙන්න ඕනේ, නැත්නම් ගහගන්නම ලෑස්ති වෙන්න ඕනේ.
- දෙවැනි එක: දැන් ආයෙ බේරෙන්න තැනක් නැති නිසාත්, නැති වෙන්න දෙයක් ඉතිරි වෙලා නැති නිසාත්, තමන්ට පුළුවන් ඕනෑම දරුණු ක්‍රමයක් පාවිච්චි කරන එකේ වරදක් නෑ කියලා ඕනෑම කෙනෙක්ට හිතෙන්න පුළුවන්.
ඉදිරියට ඉරානෙට මොනවා වුණත් මේ අලුත් තත්වය ලෝකෙන් අයින් වෙන්නේ නෑ. වෙනත් පාලනයක් ඇවිත් මේක සමනය කරන්න හැදුවත්, මේ කරපු දේ ආයෙ හරවන්න බෑ. ඕනෑම රටක ආණ්ඩුවක් බලහත්කාරයෙන් වෙනස් කරලා තමන්ට ඕන විදිහට නටවන්න පුළුවන් කියන ක්‍රමය දැන් ලෝකෙටම ප්‍රසිද්ධියේ පෙන්නලා ඉවරයි.
අමු අමුවේ පෙන්නලා ඉවරයි!
දැන් මේ ක්‍රමයට එරෙහිව එන විරෝධය අඩුවෙන්නේ නෑ, ඒක තවත් දරුණු වෙයි.
එහෙම වෙද්දී ඇමෙරිකාව තවත් හිතුවක්කාර වෙයි, සමහරවිට මීට වඩා විනාශකාරී වෙයි.
ඉතින් මෙහෙම වාතාවරණයක් අස්සේ “ජාත්‍යන්තර නීතිය” ගැන කතා කරන එක දැන් විහිළුවක් විතරයි.
