කොළඹ ඉඩම්වල මිල 10.6 % කින් වැඩිවෙයි

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය,2024 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී 10.6 % කින් වර්ධනය වී ඇති බව මහ බැංකුවේ ඉඩම් තක්සේරු දර්ශකය මඟින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ඉහළ යෑමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් සිදු වී ඇති මෙම වර්ධනය වීම ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක වන නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහි ද දක්නට ලැබෙන අතර, ඒවා පිළිවෙළින් 12.4 %, 11.3 % සහ 8.0 % ලෙස වාර්ෂික ඉහළයෑම් වාර්තා කර ඇති බව ද සඳහන් වනවා.

කෙසේ නමුත් මෙමගින් පෙනී යන්නේ, 2025 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී, ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක අර්ධ වාර්ෂික පදනම අනුව මධ්‍යස්ථ වේගයකින් වර්ධනය වී ඇති බවත්, වාණිජ සහ නේවාසික අනු දර්ශක ඉහළ වර්ධන වේගයන් පෙන්නුම් කර ඇති බවත් ය.

මෙම වටිනාකම් ඉහළ යෑමට, ශ්‍රී ලංකාව අත්කරගත් ආර්ථික තත්ත්වයේ වර්ධනය, ඉදිකිරීම් ව්‍යාපෘති නැවත සක්‍රීය වීම, විදේශීය ආයෝජකයින්‌ගේ ආකර්ෂණය ආදී සාධකවලට බලපෑම ඇති බවත්, උද්ධමනයට ගැලපීමක් ලෙස මෙලෙස ඉඩම් මිල ඉහළ යාම සිදුවන බවත් විශ්ලේෂකයන් පෙන්වා දෙනු ලබනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading