ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ (05) රාත්‍රීයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසා ඇත.
මෙම වෙඩි තැබීමෙන් නිවස තුළ සිටි කිසිවකුටත් හානියක් සිදුව නොමැති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැහැ.
නිවසේ ජනේලයකට හානි සිදුව ඇති බව පොලීසිය පැවසුවා.
කෙසේ වෙතත් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු පොලිසියට ලබාදීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන බව සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය විසින් මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
