නිට්ටඹුව පොලිස් වසමේදී අවස්ථා තුනක දී පොලිස් නියෝග නොතකා නොනවත්වා ධාවනය කළ වැන් රථයක් ලුහුබැඳ ගිය පොලීසිය, වෙඩි තබා එය නතර කරගැනීමෙන් පසු එහි ගමන්ගත් පුද්ගලයන් තිදෙනෙක් අද (01) අලුයම අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය පවසනවා.
ගම්පහ කොට්ඨාස සංක්‍රාමික පොලිස් යතුරුපැදි ඒකකයේ පොලිස් පරීක්ෂක නලින් මහතා ඇතුළු නිලධාරීන් හය දෙනෙක් වේයන්ගොඩ – නිට්ටඹුව මාර්ගයේ උදම්විට හන්දියේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටියදී වේයන්ගොඩ දෙස සිට නිට්ටඹුව දෙසට , සැක කටයුතු ලෙස ගමන් කළ මෙම වැන් රථය දැක තිබෙනවා.
පොලිස් නිලධාරීන් විසින් වෑන් රථය නැවැත්වීමට සංඥා කළද, එම වැන් රථය නොනවත්වා ධාවනය කර ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය පවසන්නේ, යතුරුපැදි ඒකකයේ නිලධාරීන් වහාම වැන් රථය පිටුපස හඹා ගොස් අවස්ථා තුනකදී වාහනය නැවැත්වීමට උත්සාහ කර ඇති බවයි.
නමුත්, වැන් රථය නිට්ටඹුව නගරයේ රතු ආලෝක සංඥාද නොතකා වතුපිටිවල දෙසට ධාවනය කර තිබෙන බවට පොලීසිය පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන්, පොලිස් නිලධාරීන් විසින් වැන් රථයේ ඉදිරිපස දකුණු ටයරයට සහ පිටුපස දකුණු ටයරයට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කරමින් වාහනය නවත්වා තිබෙනවා.
මෙම හේතුවෙන් පොලිස් නිළධාරින් වෑන් රථයේ ඉදිරිපස දකුණු ටයරයට හා පිටුපස දකුණු ටයරයට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර වාහනය නවත්වා ඇතැයි පොලිසිය සඳහන් කළා.
අනතුරුව, මාර්ගයේ වම් පසින් නතර කළ වැන් රථය සහ එහි සිටි පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් තිදෙනාම අධික ලෙස බීමත්ව සිටි බව හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් රියදුරු ලෙල්ලොපිටිය පදිංචිකරුවෙකු වන අතර, සෙසු පුද්ගලයන් රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබෙනවා.
