වසිම් ඝාතකයින් ගැන කජ්ජාගේ බිරිඳගෙන් අනාවරණයක්

රගර් ක්‍රිඩක වසිම් තාජුඩින් ඝාතනය කිරිමට පැමිණි කණ්ඩායම් අතර  පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදාන ගමගේ හෙවත් මිද්දෙණියේ කජ්ජා සිටි බවට තහවුරු වි ඇති බව පොලිසිය අද(30) අනාවරණය කළා.

ඒ අරුණ විදාන ගමගේ හෙවත් මිද්දෙණියේ කජ්ජාගේ බිරිඳ විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ස්වේච්ඡාවෙන් සිදුකල ප්‍රකාශයකින් මේ බව අනාවරණය වු බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා පැවසුවා.

ඔහු පැවසුවේ අරුණ විදාන ගමගේ ශරිර ලක්ෂණ අනුව ඔහුගේ බිරිඳ විසින් මෙම හඳුනා ගැනිම සිදුකර තිබෙන බවයි.

තම සැමියාට කොන්දේ කැක්කුමක් තිබෙන බැවින් CCTV දර්ශනය සිටින ලෙස ඉනට අත්දෙක තබන් සිටින බවට එහිදි ඇය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින්ට පවසා තිබුණු බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා මේ බව පවසා සිටියේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදි.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා,

2012 මැයි මස 17වන දින අලුයම් කාලයේදි ප්‍රවිණ රගර් ක්‍රිඩක වසිම් තාජුඩීන් නැමැත්තා නාරාහේන්පිට පාර්ක් විදියේ ශාලිකා ක්‍රිඩාංගණය අසලදි රිය අනතුරකට ලක්වුණා.සැකකටයුතු මරණයක් බවට ප්‍රථමයෙන් වාර්තා වුණා.ඒ අනුව නාරාහේන්පිට පොලිස් ස්ථානය හා බොරැල්ල අපරාධ පරික්ෂණ ස්ථාගාරය විසින් විමර්ශණයක් ආරම්භ කලා.එම විමර්ශණයේදි අනාවරණය වු කරුණු මත ඔවුන් සඳහන් කරනවා මෙය රිය අනතුරකින් සිදුවු මරණයක් බවට සඳහන් කරලා එම විමර්ශන ගොනුව වසා දැමිමට කටයුතු කරනවා.

ඉන් අනතුරුව 2015දි එවකට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණි මතුරට මහතා විසින් එවකට පොලිස්පති ලෙස කටයුතු කල එන්.කේ. ඉලංගකෝන් මහතා වෙත වාර්තාවක් යොමු කරනවා.එම වාර්තාව අනුව එවකට පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා වසිම් තාජුඩින් මහතාගේ ඝාතනය සම්බන්ධ විමර්ශණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කරනවා.ඉන් පසුව ඔවුන් මේ සම්බන්ධව පුලුල් ලෙස විමර්ශන කටයුතු සිදුකරනවා.එම විමර්ශන කටයුතු වලදි අනාවරණය වෙනවා මෙම මරණයේදි ප්‍රථම පශ්චාත් මරණ පරි්ක්ෂණය නිවැරදිව සිදු නොවුනු බවත් සැකසහිත බවත්.ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරලා මෙම මෘත ශරිරය ගොඩ ගැනිමට කටයුතු කරනවා.

මෙහි දෙවන පශ්චාත් මරණ පරික්ෂණය එවකට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරි විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතාගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් විසින්.එහිදි අනාවරණය වෙනවා මෙම සිරුරේ ඇතැම් අස්ථි කොටස් පපුව බෙල්ල ප්‍රදේශයේ අස්ථි කොටස් අස්ථාන ගතවි ඇති බව.ඒ අනුව නිගමනයකට පැමිණෙනව මෙය මාරක රිය අනතුරක් මඟින් සිදුවු මරණයක් නොව මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කරනවා.ඒ අනුව තවදුරටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරනවා.එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂයෙන් අවධානයට ලක්කරනවා වසිම් මහතාගේ වාහනය ගමන්ගත් මාර්ගය.viz වර්ගයේ මෝටර් රථයක් එම මෝටර් රථය එම කාලය තුල ගමන්ගත් මාර්ගය පිළිබඳ CCTV දර්ශන පිලිබඳ පුලුල් ලෙස විමර්ශනයක් කරනවා.එහිදි එක්තරා අවස්ථාවකදි වසිම් හැවුලොක් ප්‍රදේශයේ තිබෙන එක්තරා සුපිරි වෙළඳ සංකිර්ණයක් අසල තමන්ගේ මෝටර් රථය නවත්තලා වතුර බෝතලයක් ගන්න එම වෙළඳසැල ඇතුලට යනවා.නැවත ඔහු ගමන් ගන්නා විට ඔහුගේ කාර් රථය පිටුපසින් තවත් රථයක් ගමන් කරනවා.එම රථය පිලිබඳ CCTV දර්ශන පරික්ෂා කිරිමේදි එම රථය අසල තවත් පුද්ගලයෙක් සිටින බවට නිරික්ෂණය වනවා.මෙම දර්ශන මඟින් එම පුද්ගලයා අදුරගත හැකිද යන්න එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මාධ්‍ය වෙත නිකුත් කලා.ඔහු පසුපස යන රථයට නඟින පුද්ගලයා කවුද යන්න අදුරගන්න හැකියාව තිබුණේ නැහැ.

නමුත් මේ වනකොට ඒ සම්බන්ධයෙන් අනාවරණයක් තියනවා.අනාවරණයට පසුබිම වන්නේ ඉන්දුනිසියාවේ සිට ශ්‍රි ලංකා පොලිසිය විසින් අවශ්‍යව සිටි සැකකරුවන් කිහිපදෙනෙකු රැගෙන එනු ලැබුවා.කෙහෙල්බද්දර පද්මේ,කමාන්ඩෝ සලින්ත,පානදුරේ නිලංග,බැකෝසමන් හා තැබිලි ළහිරු යන සැකකරුවන්.එතකොට මෙම සැකකරුවන් අතර සිටි බැකෝ සමන් කියන සංවිධානාත්මක අපරාධකරුවෙක්.මොහුගේ ප්‍රශ්න කිරිම් හමුවේ අනාවරණය වනවා අරුණ විදානගමගේ නොහොත් මිද්දෙණියේ කජ්ජා ගේ ඝාතනයට සෘජුව සම්බන්ධයක් තියනවා කියලා.ඒ අනුව මිද්දෙණියේ කජ්ජා කියන පුද්ගලයාගේ බිරිඳත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වෙලා ප්‍රකාශයක් ලබාදෙනවා තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ඝාතනය සඳහා ඉතා පැහැදිලිව මෙම බැකෝ සමන්ගේ සම්බන්ධයක් තියනවා කියලා. ඒ් අනුව කඡ්ඡා නැමැත්තාගේ බිරිඳ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් සිදු කරනවා කජ්ජා නැමැත්තාට මරණ තර්ජන විශාල ලෙස තිබුණු බවට.ඇය සඳහන් කරනවා 2023 එක්තරා යුටියුබ් නාලිකාවක සම්මුක සාකච්ඡෘවක් පවත්වනවා.එහිදි අනාවරණය කරනවා වසිම් තාජුඩින් ඝාතනය සම්බන්ධවත් ඔහු අනාවරණය කරනවා.ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් කජ්ජාගේ බිරිඳගෙන් වසිම් ඝාතනය සම්බන්ධයෙන් ඔබ දන්නා තොරතුරු මොනවද යන්න විමසිමේදි ඇය විසින් පවසා සිටිනවා මෙම යුටියුබ් නාලිකාවට මගේ ස්වාමියා ප්‍රකාශකරපු තොරතුරු තමයි දන්නේ කියලා.ඒ අනුව නිළධාරින් විසින් ඉහතත සඳහන් කළ CCTV දර්ශන පෙන්වා සිටිනවා.ඒ අනුව ඇය විසින් එම දර්ශන පරික්ෂා කරලා ඇය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවසලා තියනවා මේ ඉන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා කියලා.ස්වාමි පුරුශයා බවට අදුර ගත්තේ අංග ලක්ෂණවලින් CCTV ඉතා පැහැදිලි ඒවා නෙමෙයි.එම දර්ශනවල තියනවා කජ්ජා නැමැත්තා ඉනට අත්දෙක තියගෙන ඉන්න දර්ශනයක් ඒ අවස්ථාවේදි ඇය කියලා තියනවා මගේ මහත්තයට කොන්දේ අමාරුවක් තියනවා කාලෙක ඉදන්.ඒ අනුව එයා බොහෝ අවස්ථාවල මෙම අයුරින් සිටින බව පවසා තිබෙනවා.ඇයගේ ප්‍රකාශවලින් තහවුරුවෙලා තියනවා එම CCTV දර්ශනවල සිටි පුද්ගලයා පසුගිය දිනවල ඝාතනය වු මිද්දෙණීයේ කජ්ජා බවට දැනට අනාවරණය කරගෙන තිබෙනවා.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ මුල් අවස්ථාවේ විමර්ශන තුළින් එම මරණය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් බවට පොලිසිය පැවසුවද එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ඥාතීන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියා.

අනතුරුව යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු 2015 වසරේදී තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යළි විමර්ශන ඇරඹි අතර 2015 ජුලි 27 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දුන්නේ තජුඩීන්ගේ මරණය මිනී මැරුමක් යැයි කරුණු අනාවරණය වී ඇති බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත බස්නාහිර පළාත් භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර යන සැකකරුවන් අත්අඩංගුවට ගැනුණත් පසුව ඇප මත මුදාහැරුණා.

කෙසේ වෙතත් අනුර සේනානායක සහ ආනන්ද සමරසේකර යන සැකකරුවන් නීති කෘත්‍යය ක්‍රියාත්මකවන අතරවාරයේ මියගියා.

මෙවන් වාතාවරණයක වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද ප්‍රවෘත්ති සාකච්චාවක් පවත්වමින් තජුඩීන් සිද්ධියේ විමර්ශන ගැන කරුණු අනාවරණයක් කළා.

Author

Related Posts